කටුකම්බි අතරින් රිංගවා ‘දරුවන්ට කොවිඩ් එන්නත දුන් හැටි ගැන ‘ පත්තර කළ අනාවරණ(VIDEO)

කටුකම්බි අතරින් රිංගවා ‘දරුවන්ට කොවිඩ් එන්නත දුන් හැටි ගැන ‘ පත්තර කළ අනාවරණ(VIDEO)

හලාවත, කොක්කාවිල රජයේ විද්‍යාලයේදී එම ප්‍රදේශයේ ජනතාවට ‘ෆයිසර්’ එන්නත ලබාදීම සිදුකෙරුණු අවස්ථාවේදී වයස අවුරුදු 12 සහ 18ට අඩු ළමයි පිරිසකට එන්නත ලබාදීම නිසා එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති වීමේ සිදුවීම පිළිබඳව අද (27) පුවත්පත් ද අවදානය යොමු කර තිබෙනවා.

පිටස්තර ප්‍රදේශවලින් පැමිණි පිරිසක්ද එම මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගැනීම නිසා එන්නත් ලබා ගැනීමට එහි පැමිණි වයස අවුරුදු 60ට වැඩි විශාල පිරිසකට ‘ෆයිසර්’ එන්නත ලබාගත නොහැකි වූ බවද පුවත්පත් වාර්තා මගින් පෙන්වා දෙනවා.

මෙසේ එන්නත ලබාගත් දරුවන් අතර වෛද්‍යවරයකුගේ කුඩා දරුවන් කිහිපදෙනකුද සිටින බව පුවත්පත් වාර්තා මගින් සඳහන් කර තිබෙනවා.

මේ වන විට වයස අවුරුදු 12-15 වැනි වයස්වල ළමයින් සඳහා එන්නත ලබාදීම සෞඛ්‍ය බලධාරීන් අනුමත නොකළ පසුබිමක මෙසේ එන්නත් ලබාදී තිබෙනවා.

බස්නාහිර පළාතේ WP අංක යෙදූ වාහන සහ NP අංක යෙදූ වාහනවලින් පැමිණි පිරිස් එම එනත්කරණ මධ්‍යස්ථානයට ඇතුළු වී තිබෙනු දර්ශනය වූ අතර එසේ පැමිණ සිටි අයට එන්නත් ලබාදීම පිළිබඳව එම ස්ථානයේ සිටි පිරිස් දැඩි විරෝධයක් පළ කරනු  දක්නට ලැබුණා.

විදුහලේ ප්‍රධාන ගේට්ටුව වසා තිබියදීත් වැටවල්වල කටුකම්බි අතරින් රිංගා ගොස් එන්නත් ලබා ගැනීමට ගිය පිරිස් ආපසු හරවා යැවීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ නමුත්, එම ළමයින් එම ස්ථානයෙන් යළිත් ඇතුළට ගෙන එන්නත් ලබාදුන් බව වාර්තා වනවා.

එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ සේවයේ යෙදුණු පවුල් සෞඛ්‍ය සේවිකාවක් සහ වෛද්‍යවරයකු වෙනත් ස්ථානයකට ඊයේම ස්ථාන මාරු කළ බවද පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දර්ශන පහතින් නැරඹිය හැකියි.

Share This