අගරදගුරු හිමිපාණන් ‘ඇමතිට දැමූ’ කොන්දේසි (VIDEO)
සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු නිසා එම කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව තමන් වහන්සේ හා සාකච්ඡා කළ හැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි සිරිල් ගාමිණී පියතුමා පවසනවා.
කාදිනල් හිමිපාණන් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස පසුගියදා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අගරදගුරු හිමිපාණන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇති අතර එම ලිපියට පිළිතුරු ලිපියක් යවමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනුයේ තමන් වහන්සේ හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාව විවෘතව ඇතත් ඒ සඳහා කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බවයි.
එම කොන්දේසි සපුරාලනතුරු තමන් වහන්සේ එම සාකච්ඡාවට ඉදිරිපත් නොවන බවද කාදිනල් හිමියන් එම ලිපියෙහි අවධාරණය කොට තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.