
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය අතර හමුවක්
තායිලන්ත අග්‍රාමාත්‍ය හා ආරක්ෂක අමාත්‍ය ජනරාල් ප්‍රයුත් – චාන් – ඕ – චා (prayut – Chan – O Cha) මැතිතුමන් සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් කලාපයේ ආර්ථික සහ සමාජ කොමිසමේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන සී.ඒ. චමින්දා අයි කොලොන්නේ මහත්මිය අතර හමුවක් බැංකොක්හි පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පසුගියදා සිදු වී තිබෙනවා.
සියවස් ගණනාවක් පුරා දෙරට අතර පවතින මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ දීර්ඝ කාලීන බැඳීම මෙන්ම ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායන් තුළ දැඩි ලෙස මුල් බැසගත් අනන්‍යතාවය ද සිහිපත් කළ තානාපති කොළොන්නේ මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ, උණුසුම් සුභාශිංසන තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අපනයන, ආයෝජන විශේෂයෙන් නව සාමාන්‍ය සන්දර්භය තුළ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම අවධාරණය කළ අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් – චාන් – ඕ – චා ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා වේගවත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළා.
ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, වෙළෙඳ පරිමාව ඉහළ නැංවීමටත් දෙපාර්ශවයටම වාසි සහගත ප්‍රවේශයකින් ආයෝජන වැඩිදියුණු කිරීමටත් පාර්ශ්ව දෙකම සහතික වූ බවද අදාළ නිවේදනයේ සඳහන්.
තානාපතිනිය කොලොන්නේ තායිලන්ත ආයෝජකයින්ට කොළඹ වරාය නගරයේ ආයෝජනයන් කරන ලෙස ආරාධනා කළ අතර ඇගේ ඉල්ලීම මත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් කොළඹ වරාය කොමිසම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග මාර්ගගත හමුවීමක් සිදුකරන ලෙස තායිලන්තයේ ආයෝජන මණ්ඩලයට නියෝග කළේ.
ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිදීමට සහ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ කෘතිම වැසි සෑදීම යන ක්ෂේත්‍රයන්හි උන්නතියට තාක්ෂණික සහයෝගය ලබා දෙන බවට තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහතිකවී තිබෙනවා.
දෙරට අතර භාෂා බාධකය ඉවත් කර පුද්ගලයින් අතර සබඳතාව වැඩදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ තායි භාෂාව ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් හා තායිලන්තය තුළ සිංහල භාෂාව ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට තානාපතිනිය කළ යෝජනාවට තායිලන්ත අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කල බවද සඳහන්.