සූර් වූ රාජ්‍ය ඇමති  ‘පිස්තෝලයක් රැගෙන’ මිතුරන්ට එල්ලුම් ගස පෙන්වන්න ගිහින් ලු

සූර් වූ රාජ්‍ය ඇමති ‘පිස්තෝලයක් රැගෙන’ මිතුරන්ට එල්ලුම් ගස පෙන්වන්න ගිහින් ලු

සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් ද සමඟ බීමතින් පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් සතියේ දිනක බන්ධනාගාර මූලස්ථානයට අයුතු ලෙස ඇතුළු වී ඇතැයි දිනපතා පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද (14) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී ද පුවත්පත් වාර්තාව උපුටා දක්වමින් කරුණු සඳහන් කළා.

මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිය පිස්තෝලය ද කරකවමින් බීමතින් බන්ධනාගාරය තුළට පැමිණ ඇත්තේ ඔහුගේ තවත් බීමත් මිතුරන් කිහිපදෙනෙකු සමගින් බව ද පුවත්පත් වාර්තාවේ සඳහන්.

රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස දැඩිව බීමතින් සිටි බැවින් සහ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කොට කලිසම් වලින් සැරසී සිටි බැවින් බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට බන්ධනාගාරය තුළට පිවිසීමට ඉඩ ලබාදී නොමැති බවත් එහිදී මෙම පිරිස  නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවත් එහි දැක්වෙනවා.

තරමක වේලාවක් බන්ධනාගාරය තුළ ඇවිදිමින් කල්ගත කළ මෙම පිරිස පසුව ඔවුන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථ වලින් බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බවත්  දැක්වෙනවා.

බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව බීමතින් සහ අසංවර ඇදුමින් සැරසී පැමිණෙන කිසිවකුටත් බන්ධනාගාරය තුළට ඇතුළු වීමට ඉඩ නොමැති අතර රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු මෙම පිරිස සිදුකළ විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙසට බන්ධනාගාර නිලධාරින් සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමට ද සූදානමක් ඇතැයි ද එහි සඳහන්.

මේ සම්බන්ධයෙන්එම පුවත්පත බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ( පාලන) චන්දන ඒකනායක මහතාගෙන් විමසීමක් කර ඇති අතර එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තමන් කිසිවක්නොදන්නා බව ඔහු සඳහන් කර තිබුණා.

Share This