කුඹුරු ඉඩම් පිළිබඳ දත්ත 96%ක් සාවද්‍යයි!

කුඹුරු ඉඩම් පිළිබඳ දත්ත 96%ක් සාවද්‍යයි!

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සතුව ඇති කුඹුරු ඉඩම් පිළිබඳ ඉදිරිපත් කළ දත්ත පදනම් කරගනිමින් සිදුකළ නියැදි පරීක්ෂණයේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ දත්ත 96%ක් වැරැදි බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අද (14) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණය කෙරුණා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ එහි ගිය අවස්ථාවේ එම තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ගොවි කටයුතු පර්යේෂණ ආයතනය රජයේ අපේක්ෂිත කරුණු ඉටු කරමින් සිටින නමුත් මේ මොහොතේ ඉතා වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සකස් කළ යුතුව තිබුණද ඒ කිසිවක් සම්බන්ධයෙන් ආයතනය අවධානය යොමුකර නොමැති බවට මෙහිදී අනාවරණය වී තිබෙනවා.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මාෆියා හතරක් ක්‍රියාත්මක වන බව පෙන්වා දී ඇති ඇමැතිවරයා එම මාෆියාවන් නිසා ගොවියාට හා පාරිභෝගික ජනතාවට අත්විඳින්නට සිදුව ඇති දුෂ්කරතා මඟහැර වඩා කාර්යක්ෂම විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයෙන් රජයට උපදෙස් ලබාදිය යුතු බවද සඳහන් කර තිබුණා.

Share This