මාසිකව ලක්ෂ එකහමාරක වැටුපක් ලැබූ ‘සාත්තු සේවිකාව ‘ කොවිඩ් රෝගී ගුරුවරියව මරා දමලා

මාසිකව ලක්ෂ එකහමාරක වැටුපක් ලැබූ ‘සාත්තු සේවිකාව ‘ කොවිඩ් රෝගී ගුරුවරියව මරා දමලා

කොවිඩ් ආසාදනයවී ගිලන් ඇඳෙහි සිටි 80 හැවිරිදි විශ‍්‍රාමික ගුරුවරිය නිදි යහනේදීම ගෙල සිරකර මරා දැමූ බව කියන පුද්ගලික සාත්තු සේවිකාව රද්දොළුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙම සාත්තු සේවිකාවට මසකට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඇගේ දරුවන් විසින් ගෙවා තිබෙන බවයි වාර්තා වන්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඇය වසරක කාළයක් මෙම ගුරුවරිය රැක බලා ගෙන තිබෙන අතර රද්දොළුගම පොලිසිය විසින් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මියගිය විශ්‍රාමික ගුරුවරිය සහ වයස්ගත ඇගේ සැමියා රද්දොළුගම නිවාස සංකීර්ණයේ පදිංචිව සිට තිබෙන බවයි

එමෙන්ම ඔවුන්ගේ දරුවන් දෙදෙනා විදෙස්ගතව සිටින බවත් ,දරුවන් විසින් රෝගාතුරව සිටින මව බලා ගැනීම සඳහා පෞද්ගලික ආයතනයකින් සේවිකාවක් මුදල් ගෙවා ලබාගෙන තිබෙන බවත්ය

ඒ අනුව වසර එක හමාරක කාලයක් තිස්සේ ලක්ෂ එක හමාරක මුදලකට මෙම සාත්තු සේවිකාව සේවය කර ඇති අතර පසුගිය 19 වනදා මියගිය කාන්තාව සීතල වී ඇති බවට වයස්ගත සැමියාට දැනුම් දී තිබෙනවා

පසුව මියගිය කාන්තාව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් තිබෙන බවයි අනාවරණය වී තිබෙන්නේ

ඇයගේ මරණ පරීක්ෂණයේදී හෙළිව තිබෙන්නේ ශරීරයේ තුවාල කැළැල් ඇති බවයි

එමෙන්ම ඇයට කොවිඩ් වැළඳ ඇති වී තිබෙන බවටද තහවුරු වී තිබෙනවා

Share This