කිරිපිටි මෙට්‍රික් ටොන් 360ක් “ඩොලරය නිසා” වරායේ හිරවෙයි

කිරිපිටි මෙට්‍රික් ටොන් 360ක් “ඩොලරය නිසා” වරායේ හිරවෙයි

වාණිජ බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය කරන ලද කිරිපිටි මෙට්‍රික් ටොන් 360ක් අඩංගු කන්ටේනර් 16ක් කොළඹ වරායේ හිරවී ඇතැයි කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජික ආරිය කිරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත් පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

රුපියල් ලක්ෂ 30000ක් පමණ වටිනා මෙම කිරි තොගය කල් ඉකුත්වීමට ඉඩ තිබෙන බව ද වැඩිදුරටත් පවසන අතර එම කිරිපිටි තොගය නිදහස් කර ගැනීමට මැදිහත්වන්නැයි කිරි අපනයන කරුවන්ගේ සංගමය අගමැතිවරයාගෙන් ඉල්ලීමක්ද කරනවා .

 

Share This