සමගි ජන බලවේගයේ තනතුරුවලින් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ තනතුරුවලින් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි යන අය සිය පක්ෂ තනතුරු සහ ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත ඊයේ (25දා) ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ

ආරංචි මාර්ග අනුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභීන් ලෙස දිස්ත්‍රික් කටයුතුවල වැඩසටහන් කර ගැනීමට නොහැකි වීම අර්බුදකාරී තත්ත්වයට හේතුවී තිබෙන බව සඳහන්

එමෙන්ම ‍රටට කළ හැකි වැඩපිළිවෙළක් පිළිබඳ කතිකාවතක් නිර්මාණය කිරීම හා සමගි ජන බලවේගය තුළ ජයග්‍රහණය නියත වුවත් ජනතාවට යම් වැඩකොටසක් කළ යුතු බැවින් වත්මන් ආණ්ඩුව පරිද්දෙන් ජනතාව රවටනවා වැනි හැඟීමක් සජබ කෙරේද ගොඩනැගීම සිදු නොවිය යුතු බවත් ඔවුන්ගේ මෙම තීරණයට හේතු වූ බව දේශපාලන විශ්වසනීය කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.

විශේෂයෙන් මේ වන විට ජනතාව ආණ්ඩුව ප්‍රමුඛ බහුතරයක් දේශපාලකයන් කෙරේ අවිශ්වාසයෙන් බැලීම, ජනතා බලාපොරොත්තු සුන්වීම මත විපක්ෂයේ වැඩපිළිවෙළ ඉදිරියට ශක්තිමත් කර ගැනීම සඳහා ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ට යම් වැඩපිළිවෙළක් සිදුකිරීමට පක්ෂය තුළ ඉඩ නොතිබීමද මෙම ඉල්ලා අස්වීමට හේතු කාරණා වී ඇතැයි වාර්තා වනවා

තම ප්‍රදේශයේ ජනතාවට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ඇති අවශ්‍යතාව අවස්ථා කිහිපයකදීම පෙන්වා දී ඇතත් ඒ සඳහා අපේක්ෂිත ප්‍රතිචාරය නොලැබීම මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී තිබෙනවා

Share This