සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ආසාදිතයන් වැඩිවෙලා -වෛද්‍ය හේමන්ත හේරත් කරන අනාවරණය

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ආසාදිතයන් වැඩිවෙලා -වෛද්‍ය හේමන්ත හේරත් කරන අනාවරණය

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කිසියම් ආකාරයකට කොවිඩ් ආසාදිතයන්ගේ වැඩි වීමක් තිබෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයේදී සිදු වන අතපසුවීම් නිසා මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවත් කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ආරක්ෂා කරන්නේ නම් මෙම තත්ත්වය මග හැර ගත හැකි බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පවසනවා

ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා රෝහල්වලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ සහ තෝරා ගත් ස්ථානවල අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කරන බවයි වැඩිදුරටත් ඔහු පවසා සිටින්නේ

පුද්ගල ඒකාරාශී වීම්, ආයතන තුළ පවත්වන උත්සව හා රැස්වීම් යනාදිය හේතුවෙන් කොවිඩ් අවදානමක් මතුව ඇතැයිද, එවැනි කටයුතුවලින් හැකි තරම් ඈත්ව සිටිය යුතු බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

 

Share This