විද්‍යුත් වාහන 23 ක් දැරිය හැකි මිලකට
වාහන විද්‍යුත්කරණය වේගවත් කිරීම සඳහා ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන 17.59ක් වැය කරන බව නිසාන් සමාගම නිවේදනය කර තිබෙනවා.
2030 වන විට විද්‍යුත් වාහන 23 ක් හඳුන්වා දෙන බව ඔවුන් සඳහන් කරන බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.
චීනය සහ එක්සත් ජනපදය වැනි ප්‍රධාන වාහන වෙළඳපොලවල එවැනි වාහන සඳහා පාරිභෝගික ඉල්ලුම වර්ධනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරන අතර දැරිය හැකි මිලකට වාහන ලබා දීම තම අරමුණම වී ඇති බව නිසාන් සමාගම පෙන්වා දෙනවා.