මැණික් ඇනවුම් ඔන්ලයින් හරහා සිදු කිරීමේ ගැසට් පත්‍රයට ලැබුණු අනුමැතිය

මැණික් ඇනවුම් ඔන්ලයින් හරහා සිදු කිරීමේ ගැසට් පත්‍රයට ලැබුණු අනුමැතිය

වටිනාකම ඇ.ඩො 3000 දක්වා වන මැණික් අලෙවි කිරීමේ ඇනවුම්, මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදයට සිදුකිරීමට අදාළ ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ඊයේ (06) හිමි වී තිබෙනවා.

පවතින කොවිඩ් තත්ත්වය මත සංචරණ කටයුතු සීමා වීම නිසා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා මෙම පියවර ගෙන ඇති බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

එසේම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් අයකරනු ලැබූ සියයට 0.5 ක ගාස්තුව සියයට 0.25 දක්වා අඩු කිරීමද මෙම ගැසට් පත්‍රය මගින් සිදුවී තිබෙනවා.

1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාර‍ිය පනත යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග ඇතුළත් අංක 2165/2 දරන ගැසට් පත්‍රයට මෙලෙස කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

රත්නපුර ‘වේගඟ’ ආශ්‍රිතව මැණික් ගැරීම සදහා දියත් කළ ව්‍යාපෘතිය, ඇති වූ විරෝධයක් හේතුවෙන් දැනට නතරවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

මේ අනුව විශේෂ සංවර්ධන කමිටු රැස්වීමකදී මේ පිළිබදව සාකච්ඡා කොට රටටත් විශාල ආදායමක් හිමිවන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පෙන්වා දුන්නා.

ඇළහැර ප්‍රදේශයේ මැණික් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීමෙන් සාමාන්‍ය ජනතාවටද මැණික් ගැරීමේ ව්‍යාපාරයට සම්බන්ධ වීමට පවතින හැකියාව පිළිබද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

සාකච්ඡා විය. ලබන ජනවාරියේ සිට මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා ඇත්තේ.

Share This