පාර්ලිමේන්තුවේදී සම්මත වූ කංසා වවන යෝජනාව

පාර්ලිමේන්තුවේදී සම්මත වූ කංසා වවන යෝජනාව

අපනයන බෝගයක් ලෙස කංසා වගාව නීතිගත කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රිනි ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ යෝජනාවක්  ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී ස්ථිර කර තිබෙනවා.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි ශාන්ත බණ්ඩාර විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබුවා.

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

කංසා වගාව ඉතා වටිනා අපනයන බෝගයක් මෙන්ම එය විෂාදය ඇතුළු බොහෝ රෝගවලට වටිනා ඖෂධයක් බවත් මෙම වගාවෙන් ලෝකයේ බොහෝ රටවල් විශාල ආදායමක් උපයන බවත් මන්ත්‍රිවරිය යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කරනු ලැබුවා.

Share This