මුදල් වංචා කළ අයෙක්ට එරෙහිව ස්විට්සර්ලන්ත ජාතික කාන්තාවක් CIDයට

මුදල් වංචා කළ අයෙක්ට එරෙහිව ස්විට්සර්ලන්ත ජාතික කාන්තාවක් CIDයට

රජයේ රක්ෂිත පෙන්වා එහි හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට විදේශීය කාන්තාවන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් කළ මැදවච්චිය හෝටලයක හිමිකරුට එරෙහිව ස්විට්සර්ලන්ත ජාතික කාන්තාවක කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

Christine Mary Vettertaylor නමැති 65 හැවිරිදි මේ කාන්තාව හෝටල් හිමිකරු හඳුනා ගෙන ඇත්තේ මැලේසියාවේ සිටින ඔහුගේ සහෝදරයකුගේ මාර්ගයෙන්,

පසුව මෙම හෝටලය සහ ඉඩම් පෙන්වා ඔහු ඇයට හවුල් ව්‍යාපාර සඳහා ආරාධනා කර තිබෙන බවයි පැවසෙන්නේ .

මේ පුද්ගලයා එහි වැඩ කටයුතු වන ආකාරයේ ඡායාරූප ද ඇයට යවා තිබෙන අතර, ඒ අනුව ඇය ස්විස් ෆ්රෑන්ක් 100,000.000.00ක මුදලක් ඔහුට එවා තිබෙනවා .

පසුව මීට සතියකට පමණ පෙර ඇය ශ්‍රී ලංකාවට පැමිණ මේ සම්බන්ධයෙන් සොයා බලා තිබෙන අතර, එහිදී ඇයට දැන ගන්නට ලැබී ඇත්තේ ඇය වංචාවකට හසුව ඇති බවයි.

එම පුද්ගලයා ඇයව නොහඳුනන සේ හැසිරී තිබෙනවා .

මේ වන විට මෙරට සිටින ඇය මැදවච්චියේදී මාධ්‍යයට මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර තිබෙන අතර  සිය මුදල් නැවත දීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකාවේ නීතිය මඟින් ඉටු වෙනු ඇතැයි ඇය මෙහිදී සඳහන් කර තිබෙනවා

 

Share This