ජනපති ගෝඨාභය සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ පැවති විශේෂ ආශිර්වාද පූජාවකට එක්වෙයි (වීඩියෝ)

ජනපති ගෝඨාභය සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ පැවති විශේෂ ආශිර්වාද පූජාවකට එක්වෙයි (වීඩියෝ)

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ ඊයේ (01) පස්වරුවේ පැවති විශේෂ ආශිර්වාද පූජාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා.

සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එහිදී ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පැවරීමේ සන්නස් පත්‍රය ජනාධිපතිවරයා විසින් පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් වෙත පිළිගන්වනු ලැබුවා.

සිතුල්පව්ව රාජමහා විහාරය අවට විහාරස්ථාන හතරක් පූජා භූමි බවට පත්කළ බව දැනුම් දෙන “නිදහස් දීමනා පත්‍ර” ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් විසින් එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙත එහිදී පිළිගැන්වූවා.

Share This