දිනක වාර්තා වූ ඉහළම ආසාදිතයින් ගණන එක්සත් ජනපදයෙන්
එක්සත් ජනපදය ජනවාරි 4 වනදා නව කොරෝනා වෛරස් ආසාදිතයින් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය ලෝකයේ ඕනෑම රටක වාර්තා වූ ඉහළම දෛනික සංඛ්‍යාව බවයි පැවසෙන්නේ.
එමෙන්ම සතියකට පෙර පැවති එක්සත් ජනපදයේ උපරිම මට්ටම මෙන් දෙගුණයක් පමණ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පෙන්නුම් කරන බව එරට් බලධාරීන් සඳහන් කරනවා
මේ අතර ජනාධිපති ජෝ බයිඩන් ඔමික්‍රෝන් ප්‍රභේදයේ වැඩිවීම නොතකා පාසල් විවෘතව තබන ලෙස ඉල්ලා සිටිනවා.
එක්සත් ජනපදයේ මරණ සහ රෝහල් ගත වීමේ අනුපාත පසුගිය සතිවල ආසාදිතයින්ගේ වැඩිවීම්වලට වඩා බෙහෙවින් අඩුව තිබෙනවා.
නමුත් රෝහල්වලට ඇතුළත් වීමේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
එමෙන්ම රෝහල්වලට ඇතුළත් කිරීම් සහ කොවිඩ් මරණවලින් බහුතරයක් එන්නත් නොකළ අය වන බවත්, සුදුසුකම් ලත් සෑම කෙනෙකුටම එන්නත් ලබා දීමට එක්සත් ජනපදයට ප්‍රමාණවත් එන්නත් ඇති බවත් ජනාධිපති ජෝ බයිඩන් මහතා අවධාරණය කරනවා