චීන විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණේ (වීඩියෝ)
චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මේවනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව වාර්තා වනවා.
චීන – ශ්‍රී ලංකා රාජාතාන්ත්‍රික සබඳතාවල 65 වන සමරුම් වැඩසටහන් දියත් කිරීම මෙම සංචාරයේ එක් අරමුණක්.
චීන ආයෝජන සඳහා වැදගත් වන දිවයින පුරා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති පිළිබඳව ද චීන විදෙස් අමාත්‍යවරයා අවධානය යොමුකරනු ඇතැයි අපේක්ෂිතයි.
………………………………….
චීන විදේශ ඇමති අද දිවයිනට
Jan 8, 2022 at 07:49
චීනයේ විදේශ අමාත්‍ය වෑන්ග් යී ඇතුළු දූත පිරිසක් අද (08) මෙරටට පැමිණීමට නියමිතයි.
චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජාතාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් සපිරීම නිමිත්තෙන් ඊට සමගාමීවයි චීන විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන්නේ.
චීන ආයෝජන සඳහා වැදගත් වන දිවයින පුරා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති පිළිබඳව ද ඔහු මෙම සංචාරයේ දී අවදානය යොමුකරනු ඇති.