අද දිනයේ දී විදුලිය බිඳවැටීමක් නෑ – ලංවිම (වීඩියෝ)
විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාවෙන් ලැබී ඇති බැවින් අද (08) දිනය තුළ විදුලි බිඳ වැටීමක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා පවසනවා.
කෙසේ වෙතත් ඊයේ (07) පස්වරුවේ ද ප්‍රදේශ රැසක සිදු වූ විදුලි බිඳ වැටීමෙන් ජන ජීවිතයට බාධා එල්ල වුණා.
දෙදිනක් තුළ විදුලි බිඳ වැටීම් හේතුවෙන් ජන ජීවිතයට බාධා වූ අතර පසුගිය 06 වන දින කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් සහ කුකුලේ ගඟ බලාගාරයේ යන්ත්‍ර දෙකක සිදු වූ දෝෂ මීට හේතු වුණා.
එමෙන්ම ඊයේ දින සිදු වූ විදුලි බිඳ වැටීමට සපුගස්කන්ද සහ බත්තල විදුලි බලාගාරයට දැවි තෙල් සැපයීමේ ප්‍රමාද දෝෂයක් බලපා තිබෙනවා.