සුසිල් ප්‍රේමජයන්තට වූ දේ තමන්ට ද සිදුවීමට හැකියි – මෛත්‍රී (වීඩියෝ)
සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයාට වූ දේ තමන්ට ද සිදුවීමට හැකියාවක් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ, ඊයේ (07) කුරුණෑගල පැවැති පක්ෂ සමුළුවකට එක්වෙමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව ඊයේ (07) එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එම අවස්ථාවට පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
එහිදී මෛත්‍රිපාල සිරිසේන මහතා දැක්වූ අදහස්..
“අනාගත ආණ්ඩුවක් සෑදීමට මූලික අරමුණු කරගෙන, මේ පක්ෂයේ, නව වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා, අපි රට පුරා යන, ගමනේ, එක් අවස්ථාවක් තමයි, අද සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා, පොලේ ගිහිල්ලා ස්විප් එකක් අරගෙන පැය 24 කින් ස්විප් එක ඇදුනා එයාට දැන් අපිත් රට වටේ ගිහින් ඉවර වෙනකොට අපිටත් ස්විප් එක ඇදෙන්න බැරි නැහැ. එක නිසා, කොහොමටත් මේ ඔක්කෝටම අපි ලැස්තියි. ශාන්ත බන්ඩාර මන්ත්‍රිතුමා, කථා කරන ගමන් කිව්වා මම අහගෙන හිටියා, ඊයේ පෙරේදා මගේ කථාව අහලා සෝසල් මීඩියාවල සමහර අය අහලා තියෙනවා කියලා, ඇයි තමුසෙත් ආණ්ඩුවක් කෙරුවා නේද කියලා. නමුත් මේ රටේ බිහිවෙච්ච ආණ්ඩුවලින් මගේ ආණ්ඩුව, මීට වඩා බොහෝම වෙනස් ආණ්ඩුවක්. දූෂණය හා හොරකම වැඩි නිසා දේශපාලනයේ, පක්ෂ භේදයක් නැතිව, මේ රටේ දූෂිතයින් හා හොරුන්, මගේ ආණ්ඩුවට විරුද්ධව එකතුවුණා. අපි ඇත්ත කථා කරනකොට ආණ්ඩුවට හිවත් සමහර අය, අහනවා කියනවා, ඇයි මේ තරම් ආණ්ඩුවට ගහන්නේ කියලා. මට ගහපු ගැහිල්ල ඔය ගැහිල්ලට වඩා වෙනස් ගැහිල්ලක් මට ගැහුවේ, වැරදි කෘෂිකාර්මික ප්රතිපත්තියකට ගිහිල්ලා ඇතිවෙලා තියෙන තත්ත්වය කොහොමද අපි ඩොලර් සොයා ගන්නේ, ඩොලර් සොයා ගන්නේ, පළමුවැනි දේ තමයි, ජාත්‍යන්තර සබදතා ශක්තිමත් කර ගැනීම. බැසිල් උන්නැහේ ඊයේ පෙරේදා ඩොලර් බිලියන ගානක්, බියගම ෆැක්ටරියේ ගහලා, ඔය දුන්නේ 5000 යි, 10,000 යි එක එක්කෙනාට එක එක විදියට. හැබැයි අපේ රටේ ඩොලර් අච්චු ගහන්න බැහැනේ. ආර්ථීක කළමානකරණය, දේශපාලන කළමනාකරණය රටේ නිෂ්පාදන කළමනාකරණය රටේ පරිපාලන කලමනාකරණය මේ සියල්ල මේ රටේ අද බිද වැටිලා තියෙන්නේ.
“