ගෑස් තොග තිබුණත් සිලින්ඩරවල හිඟයක් (වීඩියෝ)
වෙළඳපොළේ පවතින ගෘහස්ත ගෑස් හිඟය පියවීම සඳහා අද (09) සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලකෂයක් වෙළඳපොළට මුදා හැරීමට කටයුතු යොදා ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
කෙසේ වෙතත් ගෘහස්ත ගෑස් සහ භූමිතෙල් සොයා අද අලුයම සිට ප්‍රදේශ රැසක ජනතාව පෝළිම්වල රැඳී සිටි බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
පවතින ඩොලර් හිඟය, සහ ප්‍රමිතියෙන් තොර ගෑස් තොග වෙළඳපොළට පැමිණීමත් සමඟ මීට මාස කිහිපයක සිට නිර්මාණය වූ ගෑස් හිඟයට විවිධ විසඳුම් ලබා දුන්නද එය මේ වන තෙක් අවසන් වී නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ සිදු කළ පරීකෂණ සහ කමිටු වාර්තා පදනම් කරගෙන මේ වන විට ප්‍රමිතියෙන් යුත් ගෑස් තොග වෙළඳපොළේ පැවැතියද එම තොගද අදාළ ගෑස් සමාගම් විසින් මුදා හැරීමේදී විවිධ ගැටලුවලට මුහුණ දෙන බව වාර්තා වනවා.
ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ ගෑස් තොග තම සමාගම සතුව පැවැතිය ද ගෑස් සිලින්ඩර හිඟයක් පවතින බවයි.
ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ හිස් ගෘහස්ත ගෑස් සිලින්ඩර විශාල සංඛ්‍යාවක් පාරිභෝගිකයින් සතුව තිබීම හා එම ගෑස් සිලින්ඩර ආපසු ලබා ගැනීමට තිඛෙන අපහසුතා හේතුවෙන් මෙම හිඟය නිර්මාණය වී ඇති බවයි.
ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයක් පැවැතියද මීට පෙර දෛනිකව වෙළඳපොළට ගෘහස්ත ගෑස් සිලින්ඩර 70,000 ත් 80,000 අතර ප්‍රමාණයක් මුදා හැරියද අද දින සිට එය සිලින්ඩර ලකෂය දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිඛෙනවා.
එලෙස දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර ලකෂය බැගින් වෙළඳපොළට මුදා හැරියද පවතින ගෑස් පෝළිම් ඉදිරි දින කිහිපය තුළද පැවැතිය හැකි බවත් පාරිභෝගික ජනතාව සතුව තිඛෙන හිස් ගෑස් සිලින්ඩර සමාගමට ලබා ගැනීමෙන් අනතුරුව එම තත්ත්වය මගහැරී යන බවයි ගෑස් සමාගම පවසන්නේ.
මේ අතර ගෑස් මෙටි්රක් ටොක් 2400 බැගින් රැගත් නෞකා දෙකක් උස්වැටකෙයියාව තල්දීයවත්ත ගෑස් බෝයාවේ නැංගුරම්ලා තිඛෙනවා.
ප්‍රමිති ආයතනය මගින් එහි සාම්පල් පරීකෂා කිරීමෙන් පසු ගොඩබෑම ආරම්භ කර ඇති බවයි ගෑස් සමාගමේ නියෝජිතයෙකු කියා සිටියේ.