කොවිඩ්වලට සමාන ලක්ෂණ ඇති තවත් වෛරස් උණ රෝග කිහිපයක්

කොවිඩ්වලට සමාන ලක්ෂණ ඇති තවත් වෛරස් උණ රෝග කිහිපයක්

කොවිඩ් වෛරසයට අමතරව රට තුළ තවත් වෛරස් උණ රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඩෙංගු වෛරසය ඉන් එකක් යැයි ද ඊට අමතරව තවත් වෛරස්  උණ රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින්නේ යැයි ද ඒ මහතා සඳහන් කරනවා.

කොවිඩ් වෛරසය ඇතුළු සෙසු වෛරස් උණ රෝග සියල්ලගේම රෝග ලක්ෂණ සමාන වන බවත් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යයාව, හිසරදය ,ශරීර වේදනාව යනාදි රෝග ලක්ෂණ පොදුවේ මේ වෛරස් උණ රෝගයන් සතු වන බවත් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා.

රෝග ලක්ෂණ සමාන නිසා සායනික වශයෙන් පුද්ගලයන්ට පවතින්නේ කුමන වෛරසයක් ද යන්න හඳුනා ගැනීමට අපහසු වී ඇති බවත් ඒ එක් එක් වෛරස් රෝග හඳුනා ගැනීමට සිදු කළ යුතු පරීක්ෂණයන් එකිනෙකට වෙනස් බවත් ඔහු සඳහන් කරනවා.

කිසියම් පුද්ගලයකුට උණ රෝගයක් පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමට යොමු විය යුතු බවත් කොවිඩ් ඇතුළු වෛරස්  උණ රෝග පවතින නිසා ප්‍රතිකාර ගැනීමට නොයෑමෙන් පුද්ගලයන්ගේ ජීවිත අවදානමකට ලක් විය හැකි බවත් වැඩිදුරටත් සඳහන් කරනවා.

විශේෂයෙන්ම මේ වෛරස් රෝගවලින් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ දී ඇති මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපැදීම අවශ්‍ය බව ද ඔහු පවසා සිටිනවා.

Share This