හිඟ බිල්පත් නොගෙවු 700කට එරෙහිව ගත් ක්‍රියාමාර්ග

හිඟ බිල්පත් නොගෙවු 700කට එරෙහිව ගත් ක්‍රියාමාර්ග

ජල පාරිභෝගිකයන් ලක්ෂ හයක් පමණ ජලය ලබා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු  රුපියල් කෝටි 700කට වැඩි  මුදලක් පසුගිය වසර කිහිපයේදී  ගෙවීම පැහැර හැර ඇතැයි  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ගෙවීම් පැහැර හැර ඇති ජල පාරිභෝගිකයන්ගෙන්  එම හිඟ මුදල් අය කර ගැනීමටද  විශේෂ වැඩ පිළිවෙළක් අරඹා තිබෙන බවද සඳහන්

දිගින් දිගටම හිඟ බිල්පත් නොගෙවු ජල පාරිභෝගිකයන් 700 දෙනකු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාල විස්තර වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇතැයිද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එමෙන්ම හිඟ බිල්පත් නොගෙවූ ජල පාරිභෝගිකයන් 60කට පමණ නඩු පවරා ඇතැයිද සඳහන්

 

Share This