ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි කරන්නේ නෑ

ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි කරන්නේ නෑ

ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා .

අවසන් වරට බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබාදුන් අවස්ථාවේ නැවත ඉන්ධන මිල ඉහළ යෑමක් සිදු වුවහොත් ගාස්තු වැඩි කිරීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවකට පැමිණි බවද දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

ඉන්ධන හා අමතර කොටස් මිල ගලපා ගනිමින් බස් ගාස්තු සංශෝධනය කිරීමේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක බවත් ඒ අනුව ගාස්තු වැඩි කිරිමක් සිදු කිරීමේදී සූත්‍රයට අනුකූලවම එය සිදු නොකර ජනතාවට යම් සහනයක් ලබා දීමට පියවර ගන්නා බවත් කී ඒ මහතා අවසන් වරට ගාස්තු වැඩි කිරීමේදී එවැන්නකට නොගොස් මිල සූත්‍රයට අනුවම ගාස්තු ඉහළ නැංවූ බවද අවධාරණය කරනවා.

එවැනි වැඩි කිරීමක් සඳහා අවසර ලබා දුන්නේ නැවත ඉන්ධන මිල ඉහළ ගියහොත් ගාස්තු ඉහළ දැමීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවකට පැමිණි නිසා බවත් මේ හේතුවෙන් නැවත බස් ගාස්තු ඉහළ යෑමක් සිදු නොවන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරනවා.

Share This