වැඩ වර්ජනය සම්බන්ධයෙන් කිසිදු අධිකරණ නියෝගයක් ලැබී නෑ -රවී කුමුදේශ්

වැඩ වර්ජනය සම්බන්ධයෙන් කිසිදු අධිකරණ නියෝගයක් ලැබී නෑ -රවී කුමුදේශ්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් කිසිදු අධිකරණ නියෝගයක් ඊයේ (10) රාත්‍රිය වනවිටත් තම සංගමයට නොලැබුණු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.

එවැනි නියෝගයක් ලැබුණහොත් සුදුසු පරිදි කටයුතු කරන බවද ඔහු සඳහන් කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ගැටළුව පහසුවෙන් විසඳීමට හැකියාව තිබියදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දේශපාලනමය තීන්දු ගනිමින් ප්‍රශ්නය තවත් අවුල් කරන බවද රවී කුමුදේශ් මහතා පවසනවා.

මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස  වැඩ වර්ජන කිරීම වළාක්වාලමින්  කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ  මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා  එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝගයක් ඊයේ (10) නිකුත් කරනු ලැබුවා

නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අනතුරුව ලබන 24 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාල වාරණ නියොගය කළ දිසාවිනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාරුවන්ට වැඩිදුරටත් නියෝග කළා.

 

Share This