ලයිට් බිලට එක්කෝටි විසිලක්‍ෂයක පොලු තැබූ ඇමති දැන් කියන කතාව

ලයිට් බිලට එක්කෝටි විසිලක්‍ෂයක පොලු තැබූ ඇමති දැන් කියන කතාව

කිරුළපන, සරණංකර පාරේ රජයට අයත් නිවසක රැඳී සිටින රජයේ ප්‍රබල ඇමැතිවරයා ලංවිමට නොගෙවා පැහැර හැර තිබූ රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක විදුලි බිල හා අනෙකුත් දඩ මුදල් ගෙවා දමන බවට මණ්ඩලයට ඊයේ (23 ) පෙරොන්දු වී තිබෙන් බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ගෙවිය යුතු මුළු මුදල වහාම දැනුම් දෙන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා තිබෙන අතර ඒ අනුව අද (24 වැනිදා) දිනයේ එම බිල්පත් ඇමැතිවරයාට යොමු කිරීමට නියමිත බවද  ලංවිම සඳහන් කරනවා

මෙම හිඟ මුදල පෞද්ගලික මුදලින් ගෙවන්නේද අමාත්‍යාංශ මුදලින් ගෙවන්නේද යන්න පැහැදිලි නැතැයි ලංවිම නිලධාරියෙක් සඳහන් කරනවා

යුද හමුදා ප්‍රබල හමුදා නිලධාරියකුගේ නමට තිබෙන මෙම නිවසේ හිඟ විදුලි බිල්පත රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක මුදල නොගෙවා පැහැර හැර ඇතැයි මාධ්‍ය මගින් හෙළි කළ පසු ඇමැතිවරයා ලංවිමට කතා කර මේ විමසීම කිරීම විශේෂත්වයක් බවද සඳහන්

Share This