චීනයේ ආර්ථික පසුබෑමක්
එළඹුණු 2022 වර්ෂයේ දී චීනයේ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක වෙත යොමුවීමට නොහැකි වනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
එම වාර්තා සඳහන් කර ඇත්තේ 2020 වර්ෂයේ කෝවිඩ් වසංගතයත් සමග හටගත් ආර්ථික පසුබෑමෙන් මිදීමට නව වසරේදී ද චීනයට නොහැකි වනු ඇති බවයි.
එරට ප්‍රාදේශීය පරිපාලන ඒකක 31 න් 28 ක්ම නව වසරේ දී අපේක්ෂිත ඉලක්ක වෙනුවට පසුබෑම් වාර්තා කරනු ඇති බව ද සදහන්.
විශේෂයෙන් ෂැංහයි සහ බීජිං යන ප්‍රාදේශීය පරිපාලන ඒකකවල මෙම තත්ත්වය කැපී පෙනන බවයි එරට වාර්තා පැවසුවේ.
නිෂ්පාදන ජාලා බිඳ වැටීම, සැපයුම් සීමා වීම, විරැකියාව වැනි කෝවිඩ් වසංගතයට සමගාමීව හටගත් ගැටලු තවමත් විසඳී නැති බව එරට වාර්තාවල වැඩිදුරටත් සඳහන්.