Aurora රස විඳි හෝ එය මග හැරුණු අයට සුබ ආරංචියක්

Aurora රස විඳි හෝ එය මග හැරුණු අයට සුබ ආරංචියක්

පෘථිවිය දෙසට බලශක්තිය හා වායුව විසි කළ දැවැන්ත සූර්ය ලප පොකුර සති දෙකකින් පමණ ආපසු භ්‍රමණය වනු ඇතැයි පවසනවා.

විද්‍යාඥයන් පවසන්නේ එය බොහෝ විට උතුරු ආලෝකයන් නිර්මාණය කරමින් පෘථිවි චුම්බක ක්ෂේත්‍රයට පහර දිය හැකි තවත් පිපිරුම් උත්පාදනය කිරීමට තරම් විශාල හා සංකීර්ණ වනු ඇති බවයි.

තවද මෙම අධි ක්‍රියාකාරී හිරු ලපය අවසාන එක නොවනු ඇති බවත් සූර්යයා “සූර්‍ය උපරිමය” ලෙස හඳුන්වන දෙයට ළඟා වෙමින් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම එය වසර 11 ක චක්‍රයක් තුළ එහි ක්‍රියාකාරිත්වය වඩාත් ප්‍රබල වන ලක්ෂ්‍යයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය සති අන්තයේ ඇති වූ භූ චුම්භක කුණාටුව වසර 30 කින් එක සිදුවීමක් වූ අතර 2003 න් පසු විශාලතම සිදුවීම බව බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ පරිසරය පිළිබඳ මහාචාර්ය ෂෝන් එල්විජ් පවසනවා.

Share This