
B-Love Kandy අවසන් මහා තරගයට
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ අද (19) පැවැති අවසන් වටයේ (Qualifier 02) තරගයේ ජය වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 34 කින් ජය වාර්තා කිරීමත් සමගයි
ඒ අනුව ඔවුන් හෙට (20) පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් B-Love Kandy කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.
අනතුරුව ලකුණු 158 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය Galle Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබා ගත්තේ ලකුණු 123ක් පමණයි
මෙම සියලු තරග ස්වර්ණවාහිනී නාලිකාව සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
තරගයේ ලකුණු සටහන පහතින්


