B-Love Kandy කණ්ඩායමට කඩුලු 08ක ජයක්

B-Love Kandy කණ්ඩායමට කඩුලු 08ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නවවන තරගයේ ජය වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් Lyca’s Jaffna Kings කණ්ඩායම ලකුණු 117ක් ලබා ගත්තා.

ඒ අනුව B-Love Kandy කණ්ඩායමට ලකුණු 118ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් පන්දුවාර 13කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ ලකුණු 118ක් ලබා ගනිමින්.

ඒ වනවිට B-Love Kandy කණ්ඩායමේ කඩුලු 02ක් දැවී ගොස් තිබුණා.

එමෙන්ම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This