
B-Love Kandy කණ්ඩායමට ලකුණු 118ක ඉලක්කයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නවවන තරගයේ පළමුව පන්දුවට පහර දුන් Lyca’s Jaffna Kings කණ්ඩායම ලකුණු 117ක් ලබා ගත්තා.
ඒ අනුව B-Love Kandy කණ්ඩායමට ලකුණු 118ක ඉලක්කයක් හිමිවනු ඇති.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් B-Love Kandy කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 117ක් ලබා ගත්තා.
තරගය පැවැත්වෙන්නේ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි.
එමෙන්ම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
