Christoph Baumgartnerගෙන් තත්පර හයකදී ගෝලයක්

Christoph Baumgartnerගෙන් තත්පර හයකදී ගෝලයක්

ක්‍රිස්ටෝෆ් බෝම්ගාට්නර් (Christoph Baumgartner) ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ වේගවත්ම ගෝලය තත්පර හයකදී වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

ඒ ඊයේ(23) බ්‍රැටිස්ලාවාහිදී ඔස්ට්‍රියාව හා ස්ලෝවැකියාව අතර පැවති තරගයේදියි.

24 හැවිරිදි මැදපෙළ ක්‍රීඩකයා ආරම්භයේ සිට බාධා 3ක් මඟහැර ගෝල රකින්නා වූ මාටින් ඩුබ්‍රව්කා පසුකරමින් මෙම ගෝලය වාර්තා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙම ගෝලය වෘත්තීය පාපන්දු පිටියෙන් පිටත වූ නිරීක්ෂණයක් බැවින් එය ආරම්භයේ සිට වේගවත්ම ගෝලය සඳහා වන නිල වාර්තාවක් බව තහවුරු කිරීමට නොහැකි වූ බවයි ගිනස් ලෝක වාර්තා සඳහන් කරන්නේ.

Share This