
CID කණ්ඩායම් 28ක් දිවයිනේ සියළු බන්ධනාගාර වෙත
ජනාධිපති සමාව අනීතිකව භාවිත කර අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පොහොය දිනයේ නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි ආන්දෝලනාත්මක තත්වයක් මතුව ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28ක් දිවයිනේ සියළු බන්ධනාගාර වෙත යොමුකර තිබෙනවා.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් විසින් බන්ධනාගාර තුළ ඇති ලේඛණ රැසක් පරික්ෂා කරන බවයි පොලීසිය සඳහන් කළේ.
ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට අනුරාධපුර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගෙන ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.