CID වෙසින් පැමිණි කාන්තාවක් ඇතුළු පහක් කෝටි 02ක් කොල්ලකයි

CID වෙසින් පැමිණි කාන්තාවක් ඇතුළු පහක් කෝටි 02ක් කොල්ලකයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සපුගස්කන්ද හෙයියන්තුඩුවේ පිහිටි නිවසකට පෙරේදා (03) සවස කඩාවැදුණු කාන්තාවක් ඇතුළු පස් දෙනෙකුගෙන් සැදුම්ලත් කොල්ල කල්ලියක් ගිනි අවි පෙන්වා රුපියල් කෝටි 02කට අධික වටිනාකමක් ඇති මුදල් හා රන් ආභරණ කොල්ලකා පළාගොස් තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි මෙම කොල්ල කල්ලිය නිවසට ඇතුළු වී ඇත්තේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි සඳහන් කරමින් හැදුණුම්පතක්ද පෙන්වමින් බව නිවෙස් හිමි ව්‍යාපාරිකයා පොලිසියට පවසා තිබෙනවා.

නිවසට ඇතුළු වූ ඔවුන් ගිනි අවි පෙන්වා රුපියල් 1,240,000ක මුදලක්ද, පවුම් 93ක් බරැති රන් මාල 07ක්, මුදු 23ක්, අත්පළදනා 03ක් කොල්ලකා පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

කොල්ලකෑ මුදල් හා රන්භාණ්ඩවල මුළු වටිනාකම ලෙස සැළකෙන්නේ රුපියල් 20,840,000කි.

Share This