Clean Sri Lanka ගැන පාර්ලිමේන්තු විවාදයක්
මේ වන විට දිවයින පුර ක්රියාත්මක Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව ලබන 21 සහ 22 යන දෙදින තුළ එම විවාදය පැවැත්වීමට නියමිතයි
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ Clean Sri Lanka වැඩසටහන පිළිබඳ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන් ජනතාවට ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම විවාදය පැවැත්වෙන බවයි