“Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක්
“Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමීව රිය අනතුරු හා රථවාහන තදබදය අඩුකර ගැනීමට රථවාහන ව්‍යාපෘති 02ක් ක්‍රියාවට නැංවීම පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා
ඒ අනුව එහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලාන්සර්, අනතුරු ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කිරීම සමගින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධාවය යොමු කිරීම සිදු කරනු ලබන බව සඳහන්
එමෙන්ම දෙවන මෙහෙයුම මගින් උපායදූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණය කර ගැනීමෙන් පසු එම වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම ද සිදු කරනු ලබන බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ
එම නිවේදනය පහතින්