COVID-19 රෝග ලක්ෂණ අවම වශයෙන් වසරක්වත් පැවතිය හැකියි – අධ්‍යයනයකින් හෙළිවෙයි

COVID-19 රෝග ලක්ෂණ අවම වශයෙන් වසරක්වත් පැවතිය හැකියි – අධ්‍යයනයකින් හෙළිවෙයි

COVID-19 රෝගය පහව ගියත් එහි රෝග ලක්ෂණ අවම වශයෙන් වසරක්වත් පැවතිය හැකි බව එක්සත් ජනපදය විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා

නැතහොත් මාස කිහිපයකට පසුව යළිත් COVID-19 රෝග ලක්ෂණ මතුවිය හැකි බවයි එහි සඳහන් වන්නේ

Morbidity and Mortality Weekly Report හි ප්‍රකාශයට පත් කරන ලද මෙම වාර්තාවේ වසරක් පුරාවට රෝග ලක්‍ෂණ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම වාර්තාවෙන් පශ්චාත්-COVID-19හි තත්ත්වයන් පිළිබඳ දැනුම පුළුල් කරන බවත්, පෙර පර්යේෂණවලට වඩා ප්‍රවණතා විස්තරාත්මකව විස්තර කරන බවත් එමෙන්ම වසංගතය සෞඛ්‍ය සේවා පද්ධතියට ඇති කර ඇති සැලකිය යුතු බලපෑම් ඉස්මතු කරන බවත් සඳහන් වනවා

COVID-ධනාත්මක පුද්ගලයින්ගෙන් සියයට 16 කට පමණ රෝග ලක්ෂණ අවම වශයෙන් වසරක්වත් පවතින නමුත් අනෙක් අයට ඒවා කෙටි කාලයක් සඳහා දිස්වන බව මෙම අධ්‍යයනයෙන් හෙළිව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ

කැලිෆෝනියා විශ්ව විද්‍යාලය, සැන් ෆ්‍රැන්සිස්කෝ (UCSF), එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) සෑම මාස තුනකට වරක් රෝග ලක්ෂණ තක්සේරු කළ අතර, ආරම්භක රෝග ලක්ෂණ සහ මාස කිහිපයකට පසුව මතුවන රෝග ලක්ෂණ අතර වෙනස හඳුනා ගැනීමට ඔවුන්ට හැකිව තිබෙනවා

Share This