Dambulla Sixers කණ්ඩායමට ජය

Dambulla Sixers කණ්ඩායමට ජය

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Marvels කණ්ඩායමට එරෙහි තරගයෙන් ලකුණු 25ක ජයක් හිමි කර ගැනීමට Dambulla Sixers කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තා.

එහිදී චමිදු වික්‍රමසිංහ නොදැවී ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය Galle Marvels කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් තුළ ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

එහිදී ඉසුරු උදාන හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වුණා

Share This