Dominic Thiemව බලන්න ටෙනිස් පිටියට අමුත්තෙක් ඇවිත්

Dominic Thiemව බලන්න ටෙනිස් පිටියට අමුත්තෙක් ඇවිත්

Brisbane ජාත්‍යන්තර සුදුසුකම් ලැබීමේ ඉසව්වේදී James McCabeට එරෙහිව Dominic Thiemගේ ජයග්‍රහණය අතරතුර උග්‍ර විෂ සහිත සර්පයෙක් ක්‍රීඩාංගණයට පැමිණීම නිසා තරගයට බාධා එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිටපු එක්සත් ජනපද ටෙනිස් ශූර Dominic Thiem ඒ අවස්ථාවේ ඕස්ට්‍රේලියානු James McCabe සමග තරගයේ නිරත වෙමින් සිටි අතර එම සර්පයා ක්‍රීඩා පිටියේ විදුලි රැහැන් අසල සිටි බවයි සඳහන් වන්නේ.

වෘත්තීය සර්ප අල්ලන්නෙකු විසින් සර්පයාව ආරක්ෂිතව ඉවත් කරන ලද අතර මිනිත්තු 40 ක විවේකයකින් පසුව නැවත තරග ආරම්භ කර තිබෙනවා.

මෙම සත්වයා උග්‍ර විෂ සහිත දුඹුරු පැහැති සර්පයෙකු බවත් දිග සෙන්ටිමීටර 50ක් පමණ වූ බවත් සඳහන්.

පසුව Dominic Thiem තරගයේදී 2-6 7-6 (7-4) 6 – 4 ක් ලෙස ජයග්‍රහණය කර බ්‍රිස්බේන් ජාත්‍යන්තරයට සුදුසුකම් ලැබීමේ දෙවන සහ අවසාන වටයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වනවා.

ආබාධ හේතුවෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 98 වැනි ස්ථානය දක්වා පසු බැස ඇති ඔස්ට්‍රියානු ක්‍රීඩක Dominic Thiem ජනවාරි 14 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයට ක්‍රීඩා කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This