F -35 ප්‍රහාරක ජෙට් යානය සොයා ගැනීමට එක්සත් ජනපද හමුදාව මහජනතාවගේ සහාය ඉල්ලයි

F -35 ප්‍රහාරක ජෙට් යානය සොයා ගැනීමට එක්සත් ජනපද හමුදාව මහජනතාවගේ සහාය ඉල්ලයි

F -35 ප්‍රහාරක ජෙට් යානය සොයා ගැනීමට එක්සත් ජනපද හමුදාව මහජනතාවගේ සහාය ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉරිදා(17) පස්වරුවේ එය අතුරුදන් වූයේ නියමුවා දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් පියාසර කරමින් සිටියදී බවයි පැවසෙන්නේ

ගුවන් නියමුවා නිරුපද්‍රිතව යානයෙන් පිටතට පැරෂුට් එකක ආධාරයෙන් පැමිණ ඇති අතර රෝහලේ ස්ථාවර තත්ත්වයේ පසුවන බවද විදෙස් මාධ්‍ය පවසනවා

සිදුවූයේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති නමුත් නිලධාරීන් පැවසුවේ යානය අනතුරකට ලක්ව ඇති බවයි.

චාල්ස්ටන් නගරයට උතුරින් පිහිටි Moultrie විල සහ Lake Marion යන විල් දෙකක් වටා තම සෙවීම් යොමු කරන බවද එරට බලධාරීන් පවසා තිබෙනවා

Share This