G – 20 සමුළුව ඇරඹෙයි

G – 20 සමුළුව ඇරඹෙයි

G – 20 සමුළුව අද (09) ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ආරම්භ වුණා.

18 වැනි වරට පැවැත්වෙන මෙම සමුළුව දකුණු ආසියාතික රටක පැවැත්වෙන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.

දින දෙකක් පැවැත්වෙන G – 20 සමුළුවේ සමාරම්භක සැසිවාරය අමතමින් අගමැති නරේන්ද්‍ර මෝදි රටවල් 55කින් සමන්විත අප්‍රිකානු සංගමය නව සාමාජිකයෙකු ලෙස පිළිගෙන තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර සමුළුවට ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනාක්, තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන්, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන්, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් සහභාගී වන බවයි.

කෙසේ වෙතත් මෙවර සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ චීන ජනාධිපති ෂී.ජින්පින් එක් නොවන බව සඳහන්

මෙම සමුළුවට සමගාමීව ඉන්දියාවේ නව දිල්ලි අගනුවර විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

 

 

 

Share This