“Gem Sri Lanka – 2025” ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

“Gem Sri Lanka – 2025” ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ආරම්භ වුණා

ඒ අනුව චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වෙනිදා දක්වා පැවැත්වෙනවා

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්‍ෂණයටද එක්වූ අතර, මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත වුණා

මෙවර “Gem Sri Lanka – 2025” ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 103 කින් සමන්විත අතර, මේ සඳහා දෙස් විදෙස් ගැනුම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්

Share This