Gucci සහ Moschino විලාසිතා නිර්මාණකරු Davide Renne මියයයි

Gucci සහ Moschino විලාසිතා නිර්මාණකරු Davide Renne මියයයි

ඉතාලි විලාසිතා නිර්මාණ ශිල්පී Davide Renne ඊයේ(10) රාත්‍රියේ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

46 හැවිරිදි Davide, Moschino සන්නාමයහි නිර්මාණ අධ්‍යක්ෂවරයා වී දින නවයකට පසුව මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

Moschino සමාගමෙහි මව් සමගම වන Aeffe නිවේදනය කර ඇත්තේ Davideගේ මරණයට හේතුව තවම අනාවරණය වී නොමැති බවයි.

Moschino සමාගම හා සම්බන්ධ වීමට පෙර Davide ලොව සුප්‍රසිද්ධ විලාසිතා සමාගමක් වන Gucci සමාගමෙහි කාන්තා විලාසිතා අංශයෙහි ප්‍රධානියා ලෙස වසර 20ක් පමණ සේවය කර තිබෙනවා.

Davideගේ මේ හදිසි සමුගැනීමෙන් ලොව විලාසිතා ක්ෂේත්‍රයම කම්පනයට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This