Haikui නිසා තායිවානයේ 40කට වැඩි පිරිසකට තුවාල

Haikui නිසා තායිවානයේ 40කට වැඩි පිරිසකට තුවාල

Haikui සුළි කුණාටුව හේතුවෙන් තායිවානයේ 40 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, දහස් ගණනක් ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කර තිබෙනවා

ධාරානිපාත වර්ෂාව සහ තද සුළං හේතුවෙන් කඳුකර ප්‍රදේශයක ගස් කඩා වැටී ඇති අතර මෝටර් රථයක ගැටීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බවද සඳහන්

නිවාස 160,000 කට විදුලිය විසන්ධි වී ඇති අතර සේවා යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

දිවයිනේ ව්‍යාපාරික ස්ථාන, පාසල් සහ වෙනත් ස්ථාන වසා දමා තිබූ අතර අවට දූපත් වෙත ගමන් කරන අභ්‍යන්තර ගුවන් ගමන් සහ පාරු සේවා අවලංගු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ වනවිට කුණාටුව බලපානු ඇති බවට අනුමාන කෙරෙන ප්‍රදේශවලින් 7,000 කට වැඩි පිරිසක් ඉවත් කර තිබෙනවා .

Share This