
ICC Women’s Player of the month ලෙස චමරි අතපත්තු නම් කරයි
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පසුගිය සැප්තැම්බර් මාසයේ ICC Women’s Player of the month බවට නම් කර තිබෙනවා.
ඒ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලැබූ ජයග්‍රහණයෙන් පසුවයි ඇයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මෙම ස්ථානය ලබා දී ඇත්තේ.
එහිදී ඇය විසින් ලකුණු 114ක් ලබා ගත් අතර කඩුලු 5 ක් ද බිඳ දමමින් තරගාවලියේ වීරයා බවට ද පත් වුණා.
