III වන චාල්ස් රජුගේ නිල ප්‍රතිමූර්තිය එළිදක්වයි

III වන චාල්ස් රජුගේ නිල ප්‍රතිමූර්තිය එළිදක්වයි

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයෙන් පසු ප්‍රමුඛ පෙළේ චිත්‍ර ශිල්පීන් සහ ඡායාරූප ශිල්පීන්, විසින් නිර්මාණය කරන ලද චිත්‍රය එළිදක්වා තිබෙනවා.

එම චිත්‍රය මගින් ඔහුගේ රුචිකත්වයන් පිළිබඳව බොහෝ දේ හෙළි කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව කැපී පෙනෙන ලෙස නැවුම් සහ නවමු ලෙසින් රාජාභිෂේකයේ පළමු සංවත්සරය සනිටුහන් කිරීම සඳහා, III චාල්ස් රජුගේ පරිසර සංවේදී හදවත නිරූපණ කරමින් සංකේතාත්මකව මෙය නිර්මාණය කර තිබෙනවා.

රාජාභිෂේකයෙන් පසු එළිදක්වන රජුගේ ප්‍රථම නිල ප්‍රතිමූර්තිය තුළ පරිසරය හා ඇති ඔහුගේ බැඳීම සංකේතවත් කරන මෙම චිත්‍රය ඔහුගේ පාලන කාලය පුරාවටම රාජකීය චිත්‍රාගාරයේ ප්‍රමුඛ පෙළේ චිත්‍රයක් ලෙස පවතිනු ඇති.

මෙය බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ජොනතන් යයෝගේ නිර්මාණයකි.

ඔහු මීට පෙර රජුගේ පියා, දිවංගත එඩින්බරෝ ආදිපාදවරයා වූ පිලිප් කුමරු සහ චාල්ස්ගේ බිරිඳ කැමිලා රැජින පින්තාරු කර තිබෙනවා.

මෙම චිත්‍රයේ III චාල්ස් රජුගේ දකුණු උරහිස ඉහළින් චිත්‍රයට නගා ඇති සමනලයා ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This