IMF ඉතිරි මුදල බලාපොරොත්තුවෙන් සිටින පාකිස්ථානය

IMF ඉතිරි මුදල බලාපොරොත්තුවෙන් සිටින පාකිස්ථානය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වෙන් කර ඇති අරමුදල් කඩිනමින් මුදාහරිනු ඇති බවට අපේක්ෂාවෙන් පසුවන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shehbaz Sharif පවසනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් එරට අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අදාළ සාකච්ඡාවේ දී පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shehbaz Sharif විසින් එරට ඉදිරි ආර්ථික දැක්ම සම්බන්ධයෙන් ද Kristalina Georgieva දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නොවැම්බර් මාසයේ සිට ලබාදීම අත්හිටුවා ඇති අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක අරමුදල ලබා ගැනීමට පාකිස්ථානය මෙලෙස අපේක්ෂාවෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

පකිස්ථානය මේ වන විට උග්‍ර ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින අතර IMF මුදල් නොලැබුණහොත් ඔවුන් ණය පැහැර හැරි රටක් බවට පත්වනු ඇති බව විදෙස් විචාරකයින් සඳහන් කර තිබෙනවා.

Share This