IMF පිළිබඳව පාකිස්ථාන අගමැතිගේ මතය
ණය සහන පැකේජය ප්‍රමාද කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හේතුවක් නොමැති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් පවසනවා.
ඔහු පැවසුවේ ඒ සඳහා අවශ්‍ය සියලු ඇප කොන්දේසි සපුරා ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩවුණු ගිවිසුමක් ලැබුණු බවට ද උත්සව අවස්ථාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පාකිස්ථානයේ මුතුන් මිත්තන් සහ පරම්පරාවන් මාතෘභූමිය වෙනුවෙන් කැපකිරීම් රැසක් කර ඇති බව ද පකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.