
IMF සිව්වන සමාලෝචනය අනුමතයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ සිව්වන සමාලෝචනය අනුමත කර තිබෙනවා.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් පමණ ප්‍රවේශයක් හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළුමුදල ඩොලර් බිලියන 1.74ක්.
- අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරන අතරතුර මූල්‍ය හා ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම
- මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම
- පාලනය ශක්තිමත් කිරීම
- දූෂණ අවදානම් අඩු කිරීම
- ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩි දියුණු කිරීම මගින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය කල් පවතින ලෙස යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයන්ට මෙම වැඩසටහන සහාය දක්වන බවයි මේ තීරණය පිළිබද නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ සදහන් කලේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ වසර තුනකට පෙර ශ්‍රීලංකාව බරපතල අර්බුදයකට මුහුණ දුන්නද ඉතා කෙටි කාලයක් තුල ආර්ථික වශයෙන් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවයි.
IMF හි නවතම වාර්තා වලට අනුව, 2030 වන විට ශ්‍රී ලංකාවේ ණය සහ දළ දේශීය නිෂ්පාදිත අනුපාත සියයට 94.5 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කෙසේ වෙතත් මෙරට සෘජු ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ කැපවීම මත මෙම සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සදහන් කරන්නේ.