
IPL වෙන්දේසියේදී Mitchell Starc හට වාර්තාගත මුදලක්
IPL ඉතිහාසයේ මේ දක්වා වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Mitchell Starc සමත් වී තිබෙනවා.
ඒ අනුව ඔහු ඉන්දීය රුපියල් කෝටි 24.75කට අලෙවි වී ඇති බව සඳහන්.
කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම විසින් Mitchell Starc මිලදී ගත් අතර මීට පෙර එම වාර්තාවට ඕස්ට්‍රේලියානු නායක Pat Cummins හිමිකම් කියනු ලැබුවා.
IPL වෙන්දේසියේදී ඔහු ඉන්දීය රුපියල් කෝටි 20.5කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගත්තා.
