IPL තවත් තරග දෙකක් අද

IPL තවත් තරග දෙකක් අද

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

එක් තරගයක් රාජස්ථාන් රෝයල්ස් සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම් අතර සහ අනෙක් තරගය දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

පංජාබ් කිංග්ස් කණ්ඩායම තරගවාලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවන අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගාවලියේ 9 වන ස්ථානයේ පසුවනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේත්, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම එහි දෙවන ස්ථානයේත් පසුවන බව සඳහන්.

Share This