ISIS නායකයා මියගිය බව එම සංවිධානය තහවුරු කරයි

ISIS නායකයා මියගිය බව එම සංවිධානය තහවුරු කරයි

ISIS සංවිධානයේ නායක Abu al-Husayn al-Qurashi මියගිය බව එම සංවිධානය විසින් තහවුරු කර තිබෙනවා.

සිරියාවේ දී තුර්කියේ සහය ලබන තවත් අන්තවාදී සංවිධානයක් සමග ඇතිවූ ගැටුමකදී තම නායකයා මියගිය බවටයි එම සංවිධානය සඳහන් කර ඇත්තේ.

මේ අතර ISIS හිටපු මාධ්‍ය ප්‍රකාශක Abu Omar al-Muhajir ඇතුළු එම සංවිධානයේ තවත් සාමාජිකයින් පිරිසක් ද අදාළ අන්තවාදී සංවිධානය විසින් අල්ලාගෙන ඇති බව ද ISIS සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

ISIS සංවිධානයේ නව නායකයා ලෙස Abu Hafs al-Hashimi පත් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් තුර්කි බුද්ධි අංශ මෙහෙයුමකින් සිරියාවේ ISIS සංවිධානයේ නායක Abu Hussein al-Quraishi ඝාතනය කළ බව පසුගියදා තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan නිවේදනය කර තිබුණා.

Share This